preloder

බුද්ධාභිවන්දනා

ජීවිතයේ සෑම කර්තව්‍යක්ම ආරම්භ කිරීමට ප්‍රථම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සිංහල බෞද්ධ අපි සැමගේ සිරිතකි’ මෙම සිරිත අනුගමනය කරමින් මොරටුව විශ්ව විද්යාලීය ලියෝ සමාජයද නව වසරක වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම තුනුරුවනේ ආශිර්වාද ලබා ගැනීම උදෙසා බෝධි පූජා පින්කමක් පවත්වන ලදී’

2019/20 නව ලියෝ වසරට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් 2019 ඇසළ මස 06 වන දින සවස් යාමයේ මොරටුව ස්වර්ණ ශෛල බිම්භාරාම රජමහා විහාරයේදී මෙම පින්කම පැවැත්විණි‘ නව වසරේ නව බලාපොරොත්තු පෙරදැරි කරගත් ලියෝ වරුන් රැසක් මේ සදහා සහභාගී වූ අතර බෝධි පූජාව අවසානයේ සියලු දෙනා සඳහම් වැස්සේ නහවමින් පවත්වනු ලැබූ ධර්ම දේශනාවෙන් පින්කම අවසන් විය

ආශිරවාද බෝධි පූජා පින්කම අප ලියෝ සමාජයේ වාර්ශිකව පවත්වන එක් ප්‍රධාන අංගයක් වන අතර මෙවරද සියලු දෙනාගේ සහයෝගයෙන් එය සාර්ථකව පවත්වා අවසන් කරන ලදී’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll Up