loader image

අඳුරු වළාවක් ලෙසින් ලෝකය අඳුරෙන් වසාලන මත් රකුසාගෙන් අනාගතය අඳුරු නොවනු වස්  සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ  “අරුණලු සොයා” මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මාර්තු 28 වනදින ප.ව. 3.00 සිට තලහගම බෝධිරුක්ඛාරාම විහාරස්‌ථානයේදී සාර්ථකව පවත්වන ලදි.

රට තුළ පිළිලයක් ලෙසින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ මිනිසුන් දැනුවත් කිරීම උදෙසා  මෙහිදී අකුරැස්ස පොලිස් ස්ථානාධිපති තුමාගේ ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පවත්නා ප්‍රවීණ දේශකයෙකුගේ ලැබුණේ නොමඳ සහයකි. 

මත් රකුසාගෙන් මිදීමේ ආදිනව උගෙන අනාගත පරපුරට මතින් තොර දැයක් දායාද කිරීම උදෙසා  සමාජීය වගකීම ඉටු කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් දැරූ තවත් එක් උත්සාහයක සාර්ථකත්වය, වැඩසටහන සඳහා සහභාගි වූ  ප්‍රදේශයේ විශාල පිරිසකගේ අදහස් තුළ ගැබ් වී  තිබුණි.


0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll Up