loader image

Leo Lion වෙන්දේසිය

ඔබ මෙතෙක් නොලද, නවමු අත්දැකීමක් ලෙසින් පිදෙන Leo-lion වෙන්දේසිය, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් සාර්ථකව දියත් කරන 306 A2 දිස්ත්‍රික්  ව්‍යාපෘතියක් කිව්වොත් නිවැරදියි.ඉතින්, නොවැම්බර් 29 දින පෙ.ව 9.00 සිට 5.00 දක්වා ඔබ වෙත සමීප වන මේ අනගි අවස්ථාවේ ඔබේ නිර්මාණවලටත් වටිනාකමක් එක් කරන්නට ඔබ කැමතිද?එසේනම් මේ දැන්ම ලියාපදිංචි වී ඔබේ නිර්මාණවලට උපරිම වටිනාකමක් ලබාදෙන්නට අපි ඔබට ආරාධනා කරනවා.

ඔබ සතු අත්කම් නිර්මාණ, විසිතුරු භාණ්ඩ ඇතුළුව ඔබ විසින් නිමැවූ විචිත්‍ර️ නිමැවුම්වල ඡායාරූප ලියාපදිංචිය සමඟ අපවෙත එවන්න. අපි සූදානම් ඒවායේ ඡායාරූප අපේ ෆේස්බුක් පිටුවේ පළ කර ඒවාට උපරිම වටිනාකමක් ලබාදෙන්නට.නොවැම්බර් 29 වන දින සියලුම leos and lionsලට අපගේ ෆේස්බුක් පිටුවේ පළවන නිර්මාණවලට ලංසු තබන්නට හැකියාව ලැබෙන අතර වැඩිම ලංසුව තබන leo/lionට ඒ අනගි නිමැවුමේ නව අයිතිකරු වීමේ අවස්ථාව උදාවේ.එසේම ඔබ ලංසු තබා ජයග්‍රහණය කරන භාණ්ඩ කුරියර් සේවාව ඔස්සේ ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.එසේම ලංසු තබා අවසානයේ ඔබ විසින් ඔබේ නිමැවුම් අලෙවි කර ලබාගන්නා අමතර ලාභ මුදල් අරමුදලක් ලෙසින් කැමිලා ආබාධිත පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමට අප හා එක්වන ලෙසට ආරාධනා කරමු. 

  • ඔබ වෙන්දේසිය තුළින් නිර්මාණ අලෙවි කිරීමට හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ලියාපදිංචි වීමට   https://forms.gle/bnag4SgxBrVpoRWU6
Scroll Up